මම මේ පෝස්ට් එක ලියන්නේ කාගෙවත් වැරදි හොයන්නවත් කාටවත් බනින්නවත් කාටවත් පහරක් විදියටවත් නෙවෙයි කියන එක මුලින්ම කියන්න ඕන.
Google Adsense කියන්නේ ලෝකයේ තියෙන ගොඩාක්ම දියුණු Targeted Advertiesment system එකක්. මේක හරියට පාවිච්චි කරොත් ගොඩාක් ලොකු ආදායමක් ලබන්න පුළුවන් බව ඇත්ත. මම ඒක අත්දැකීමෙන්ම දන්නවා.
නමුත් ගැටළුව ඒක නෙවෙයි. ලංකාවේ දැන් වෙන දේ මේ සම්බන්ධව එච්චර හොද නැහැ.
Traffic එකක් තියෙන සයිට් එකකට හරි blog එකකට හරි මේ ads දැම්මොත් අපි හිතනවට වඩා හොද ආදායමක් තියෙනවා. හැබැයි සයිට් එකක් තියෙන නිසා ads දානවා කියන එකයි ads දාන්න ඕන නිසා සයිට් එකක් කරනවා කියන එකයි සම්පූර්ණයෙන්ම වෙනස්.
Google සමාගමේ පරමාර්ථය අපි මුලින්ම හිතන්න ඕන. ඒකේ තියනවා adsensse සහ adwords කියලා දෙකක්. adwords කියලා කියන්නේ මේ කවුරැත් දන්න adsense වල අනිත් පැත්ත. අපේ සයිට් වල adsense කියලා google එකෙන් display කරන්නේ adwords විදියට තවත් පිටස්තර සමාගමක් google සමාගමට ලබාදෙන advertiesment එකක්. මෙතනදි ඒ 3 වන සමාගමේ පරමාර්ථය වෙන්නේ තමන්ගේ දැන්වීම google හරහා ලෝකය පුරා තිබෙන හෝ තමන් තෝරා දෙනු ලබන වෙබ් අඩවි තුළ පළ කිරීම. ඔවුන් නිතරම බලන්නේ ගොඩාක් අය ගැවසෙන වෙබ් අඩවියක් target කරන්න. මොකද ඔවුන්ගේ දැන්වීමට හා ඔවුන් වියදම් කරන මුදලට උපරිම පතිචාර ලැබෙන්නේ එහෙම වුණොත් විතරයි.
මෙතනදි google සමාගම බලන්නේ තමන්ගේ සේවාදායකයාගේ පරමාර්ථය උපරිම ලෙස ඉටු කරන්න. මොකද google සමාගමේ පැවැත්ම තියෙන්නේත් ඒ දේ උපරිම ලෙස සිදු වුණොත් විතරක් නිසා.
ඉතින් ලංකාවේ වගේ (අනිත් රටවල් වලත් මේ දේ වෙනවා ඇති. නමුත් ලංකාවේ තරම් මේක මේ විදියට වෙන රටක් තවත් ඇති කියලා මම හිතන්නේ නැහැ.) හැමෝම මොකක්හරි සයිට් එකක් හදලා මොකක් හරි බ්ලොග් එකක් හදලා ads දාලා ඒවා තමන්ම click කරන එකෙන් හරි නැත්නම් යාළුවොන්ට කියලා click කරන එකෙන් හරි කලින් කියපු සමාගම් දෙකේම බලාපොරොත්තු ඉටුවෙන්නේ නැහැ. අනිත් එක google සමාගම අද ඊයේ වෙබ් කරන්න පටන් ගත්ත සමාගමක් නිසාත් ඒ සමාගමට මීට කලින් අපට වඩා දන්න ලොකු ලොකු මිනිස්සු මේ වගේ වැඩ කරන්න ඇති නිසාත් google සමාගමේ security එක අපට හිතාගන්න බැරි විදියට දියුණුයි. ඒ නිසා අපි Google සමාගම අන්දන්න හිතනකොටත් Google සමාගම ඒක දැනගෙන ඉවරයි. නැත්නම් මේ කට්ටිය මේ සමාගම රවට්ටන්න හදන විදියට ඒක රැවටුණානම් මේ වෙනකොට google එක හොයන්නවත් නැහැ.
අපේ කට්ටිය කියනවා router එක restart කරලා IP address එක වෙනස් කරගත්තාම google එක රැවටෙනවා කියලා. ඒත් google සමාගම එච්චර මෝඩ නැහැ කියන එක අපි තේරැම් ගන්න ඕන. google එකෙන් අපේ හොර අල්ලන්න ඊට වඩා ගොඩාක් දියුණු දේවල් පාවිච්චි කරනවා. IP address එකයි cookies කියන්නේ බොහෝම සරල දේවල්.
කවුරැත් දන්නවා ඇති දැන් google adsense පන්ති පවත්වනවා සමහර අය. online උගන්වන තැන් පවා තියෙනවා. මේවා google එකෙන් තවම දන්නේ නැතුව ඇති මම හිතන්නේ. අනිත් දේ මේ පන්ති වල උගන්වන්නේ සාධාරණ විදියට මේකෙන් හම්බ කරන හැටි නෙවෙයි. පුළුවන් තරම් අපිම click කරලා google එක රවට්ටන විදිය තමයි උගන්වන්නේ. එයාලා කොහොම හරි ගෙන්නවගත්ත චෙක් එකක් පෙන්නලා ඉගෙන ගන්න එන අය රවට්ටනවා. ඊට පස්සේ සල්ලි ගරාගන්නවා.
ඒ නිසා මම කියන්නේ මුලින් සයිට් එකක් හරි blog එකක් හරි කරලා ඒකේ මිනිස්සු ගැවසෙන විදියට දියුණු කරගන්න. ඊට පස්සේ google එකෙන් අපි හිතන්නේ නැති තරම් සල්ලි ගලාගෙන එයි. නැතුව මේ තියෙන ජාවාරම් වලට අහුවෙන්න එපා. මේකෙන් වෙන්නේ ඉස්සරහදි google එකට ලංකාව blacklist වෙන එක. එතකොට සාධාරණ විදියට මේක කරන කෙනාටත් ඒක නැති වෙනවා.
මේකට තියෙන පතිචාර බලලා තව පෝස්ට් එකක් ලියනවද කියලා මම තීරණය කරනවා. තාම එච්චර දුර හිතුවේ නැහැ.
නුවන් චින්තන,
Admin, GalleZone.lk / Music.lk
ඔව්, ඇත්ත..
මහන්සිවෙලා අනුන්ට වැදගත් සයිට් එකක් කරලා traffic වැඩි කරගෙන ඇඩ්ස් දාලා කීයක් හරි හොයාගත්තට කිසි වැරැද්දක් නෑ. මොකද ඒක සාධාරණ විදියට හම්බුකරගන්න දෙයක් නිසා.
නමුත් මේ අලුත් ඇඩ්සෙන්ස් ගුරාලගෙ ඉගැන්නිල්ල නිසා දැන් ලංකාවෙ කට්ටිය බ්ලොග් එකක් කියන්නේ නිකං ඉඳං සල්ලි ලැබෙන උල්පතක් විදියටයි තේරුම් අරන් තියෙන්නේ.
මේ ගැන මමත් ලිව්වා දවසක්. කියවලා බලන්න ඒකත්, http://blog.indranama.com/2009.....ney-maker/
මට බ්ලොග් ලියන්න වෙලාව හොයාගන්න විදියක් නැතුව ඉන්නේ. ඒ නිසා වෙන තැන් වල මේ වගේ පෝස්ට් තියෙන්න පුළුවන්. ප්‍රවීන් ගේ පෝස්ට් එකත් මම දැක්කේ දැන්.
මේකට මොකක් හරි කරන්න ඕන. නැත්නම් කට්ටිය තේරැම් ගන්න ඕන. නැත්නම් මේ ජාවාරම මීටත් වඩා බරපතල වෙන්න පුළුවන්.
ඇඩ්සෙන්ස් නැතුව සාධාරණ විදියට මුදල් හොයන්න ක්‍රම ඕනි තරං තියනව. මං ලියපු ලිපිය කියවල බලන්න. ඇඩ් සෙන්ස් වලට වඩා නං හම්බ කරන්න පුලුවන්.
http://www.anu3d.com/anu/?p=346#content
සහතික ඇත්ත කතාව මාත් එකගයි නුවන් එක්ක…මොකද ලංකාවේ නම කැත වෙනවට කවුරුත් කමති නැනේ…එක හින්දා මේකට මොකක් හරි කරන්න වෙනවා
නියම blog post එක.මාත් දැක්කා මේ වගේ පංති පවත්වන තැන්. මම හදන්න පටන් ගත්තේ 2005දී.එතකොට blogs ලියන අය හිටියේ පොඩ්ඩයි. එත් දැන් ගොඩාක් අයට blogs තියෙනවා. “බ්ලොග් හොරු(Blog Theifs) නිර්මාණය” කියලා මාත් blogpost එකක් ගිය සුමානේ ලිව්වා. http://sandunfernando.blogspot.....hiefs.html
ඔව් සහතික ඇත්ත කතාව
මමත් ඉස්සර පිස්සු වැටිලා හිටියෙ දැන් නම් මේ ගැන ගානක්වත් නෑ
අපි මේකට මොනවා හරි කරන්න ඔනේ
This is quite right bro… I agree with you… I have seen few friends trying to make money with this.. I mean they are trying to follow the wrong way…
මේ කතාව සහතික ඇත්ත මම මෙයට එකගයි!!!!!!
මම හිතනවා මේ නුවන් අයියා කියන කථාව සහතික ඇත්ත. හැබැයි මලග් සයිට් ඒතක් මම Google Adsense ඇම්මෙ නැහැ.
adsense ගැන පන්ති පවත්වන එක adsense කරනවටත් වැඩිය ගොඩක් ලාභයි. පන්ති කරන අය ඔය කියන තරම් මුදල් උපයනව නං පන්ති කර කර ඉන්න එකේ තේරුමක් නෑනේ.
පහන්ගේ කථාව නම් ඇත්ත.
කට්ටිය මෙතන කථා කරාට දකින්න ඕන අය මේව දකින්නෙ නෑ. පත්තරේක වගේ දාන්න තිබ්බනම් මරු.
ඔව් ඒක සහතික ඈත්ත මම හදන සයිට් එකකටවත් මම කවදාවත් ඈඩ්ස් දාන්නෙ නෑ එකෙන් වෙන්නෙ සයිට් එක කෑත වෙන එක විතරයි