මෙම ලිපිය කිසිදු පුද්ගලයෙක්, දේශපාලන පක්ෂයක් හෝ කිසිදු ආයතනයක් සම්බන්ධයෙන් නොවන අතර මාගේ පුද්ගලික අදහස් පමණි.
පළාත් සභා මැතිවරණයක හෝ වෙනත් ඕනෑම මැතිවරණයකට පෙර ඒ ඒ අපේක්ෂකයන්ගේ කාර්යය විය යුත්තේ දායකයන් හට තමාගේ පතිපත්ති මාලාව හෝ තමාගේ ඉදිරි අරමුණු ඡන්ද දායකයන් හට දැන්වීම හා මෙතෙක් තමන් විසින් සිදු කරනු ලැබූ කටයුතු හුවා දැක්වීම වේ. මෙහිදී අපේක්ෂකයන්ගේ හා ඔවුන්ගේ අනුගාමිකයන්ගේ විහිළු හා අනග රැගූම් දායකයන් විසින් බලාපොරොත්තු නොවේ. තවද පොදු හෝ පුද්ගලික දේපල විනාශ කිරීමක් හෝ අපිරිසිදු කිරීමක් හෝ අයථා ලෙස පාවිච්චි කිරීමක් ද බලාපොරොත්තු නොවිය යුතුය.
නමුත් අප රටේ තත්වය සැලකීමේදී අපට මෙවන් උසස් අන්දමේ මැතිවරණයක් බලාපොරොත්තු නොවිය හැකි අතර අඩුම තරමින් මැතිවරණයකට පෙර සීලාචාර ලෙස හැසිරීමක් හෝ බලාපොරොත්තු විය යුතුය.
පසුගිය දිනවල දකුණු පළාත් සභා මැතිවරණයේ නාමයෝජනා භාර දීම සිදු කරනු ලැබූ දින ගාල්ල පදේශයේ වෙසෙන මාගේ අත්දැකීම් ඉතාමත් පිළිකුල් ජනක හා ජුගුප්සා සහගත තත්වයක වූ බව කණගාටුවෙන් වුවත් පැවසිය යුතුය.ඒවා මෙසේ සදහන් කරනු කැමැත්තෙමි.
මුලින්ම ගාල්ල නගරය විනාශ කිරීම ඇරඹුනේ ලෝක උරැමයක් වන ගාළු කොටු පවුර විනාශ කිරීමකිනි. එක්තරා අපේක්ෂකයෙක් කොටුපවුර හරහා ගාල්ල නගරයටම පෙනෙන සේ විශාල බැනරයක් එල්ලා තිබුණි. ඕනෑම තැනක බැනර් එල්ලාගැනීම ඕනෑම කෙනෙකුට කළ හැකි වුවත් කොටුපවුර වැනි තැනක ඒවා එල්ලීමෙන් ඔහු සතුව ඇති මන්ද මානසිකත්වයත් ගාලු නගරය කෙරෙහි ඇති ආදරය කොතෙක්ද කියාත් මැනවින් පැහැදිලි වුණි.
මෙම අපේක්ෂකයන් විසින් තවත් කරනු ලැබූ විකාරයක් නම් බොහෝ දුරබැහැර සිට විශාල මුදල් ගෙවා බස්රථ යොදාගනිමින් මිනිසුන් ගාලු නගරයට ගෙන්වා පෙළපාලි පැවැත්වීමයි. මෙයින් ඔවුන් බලාපොරොත්තුවූ දෙය කුමක්දැයි මම නොදනිමි. සමහර විට ඔවුන්ට එපමණ මිනිසුන් සහයෝගය දෙන්නේයැයි පෙන්වීමට විය හැකිය. එසේත් නැතිනම් එවන් බලයක් තමාට ඇතිබව පෙන්වීමට විය යුතුය. එසේත් නැතිනම් බලාපොරොත්තු වන ජනතාවක් ඔවුන්ට ගාල්ලෙන් එකතු කරගැනීමට නොහැකි බව ඔවුන්ටම පෙනී ගිය නිසා වන්නට ඇත. ඒ එකක් වත් නොවේනම් සිතිය හැක්කේ එතරම් විශාල මානසික ආබාධයක් හෝ රෝගයක් ඔවුන්ට තිබෙන්නට ඇති බවය. මක් නිසාද යත් මා හට දැනගන්නට ලැබුණු අයුරින් ඒ ගෙන්වනු ලෑබූ මිනිසුන්ට එම අපේක්ෂකයන් විසින් සෑහෙන මුදලක් ගෙවා ඇති බවය. තවද ඔවුන්ට මත්පැන් හා දහවල් ආහාරද සපයා ඇත. එම නිසා එම මිනිසුන් හට වැරැද්දක් කිව නොහැකිය. මන්ද දිනපතා යම් සුළු රැකියාවක් කර එදා වේල ගැටගසා ගන්නා මෙම අසරණ මිනිසුන්ට වාහන, කෑම බීම, මත්පැන් වැනි සියළු දේ සපයා අතට ගතමනාවක්ද සපයද්දී ඔවුන් නොඒමට හේතුවක් නොමැත. අවුල ඇත්තේ අපේක්ෂකයන්ගේ විය යුතුය.
විශාලම ගැටළුව එය නොවේ. මෙම සෙනග සමග කාන්තාවන්ද පිරිමින් ගණනටම පැමිණ ඇත. අපේක්ෂකයා කවුද යන්න මා නොදනිමි. දැනගන්නට උවමනාවක්ද නැත. ඔහු විසින් එම කාන්තාවන්ටද මත්පැන් සැපයීම නිසා දහවල් ආහාරය වේලාවේ අශෝභන සිදුවීම් රැසක් සිදුවී ඇත. ගාල්ලේ මාතර මාර්ගයේ මෑතක ඉදිකරනු ලැබූ සමුදු පියවර නම් උද්යානයක් වැනි කොටසක් වෙයි. මෙම ස්ථානයේ රැස්වූ මෙම සියගණනක් සෙනග එම ස්ථානයේ සිට ආහාර ගෙන පාර්සල් හා වෙනත් අපදුව්‍ය එම ස්ථානයේ දමා අපිරිසිදු කර ඇත. තවද මත්පැන් බී මත්වූ කාන්තාවන් එම ස්ථානයේ විස්තර කළ නොහැකි ආකාරයේ දර්ශනයක් මවා ඇත. පොලිස් නිළධාරීන් පැමිණ අවවාද කළ විට ශබ්ද විකාශන යන්ත පාවිච්චි කරමින් අපේක්ෂකයා විසින් පරැෂ වචනයෙන් ඔවුන්ට බැන වැදිමක් ගැනද මා හට දැන ගන්නට ලැබිණ.
පක්ෂය කුමක්ද පුද්ගලයා කුමක්ද යන්න මෙහිදී ගැටළුවක් නොවේ. කුමක් වුවත් අනාගතයේ තේරී පත්වන කෙනෙක් විසින් රැකිය යුතු විනයක් හා වගකීම් මාලාවක් වෙයි. ඡන්දය ලබාදෙන දායකයා අපේක්ෂකයාගෙන් මෙවන් විනයක් උදක්ම බලාපොරොත්තු වෙයි. එම බලාෙපාරොත්තුව වත් අඩුම තරමින් ඉටු කළ නොහැකිනම් එවන් අපේක්ෂකයෙක් පොල් පිත්තකින් වුවද කපා ගත හැකි විය යුතුය.
ලංකාවේ දේශපාලනය සැළකීමේදී දේශපාලනය යන පිරිසිදු වචනය පාවිච්චි කිරීම එම වචනයට පවා අගෞරවයකි. තවද මිනිසුන්ගේ, විෂෙශයෙන්ම කාන්තාවන්ගේ ගෞරවය ගැන මෙම විකටයන් සිතිය යුතුය. මෙම අපේක්ෂකයන් මෙවන් විහිළු සැපයීම සදහා වියදම් කරන මුදල පමණක් වියදම් කිරීමෙන් නගරයක් හෝ පළාතක් යම් තරමකට සංවර්ධනය කළ හැකිය. මන්ද ඔවුන් කරන වියදම් දහස් ගණනකට හෝ ලක්ෂයකට දෙකකට සීමා නොවන බැවිනි. මෙහිදී විහිළු යනුවෙන් මා විසින් අදහස් කරන්නේ මැතිවරණ පචාරක කටයුතු නොව සත්‍ය වශයෙන්ම විහිළු වලට බව කිව යුතුය. මන්ද මෙම විකාර වලින් මා සිතන අයුරින් කිසිදු මැතිවරණ පචාරයක් සිදු නොවන අතර තව තවත් ජනතාවට ඔවුන්ව එපා වීමක් පමණක් සිදු වේ.
මෙවන් ආදර්ශ සැපයීමෙන් අනාගත ෙද්ශපාලන පරපුරට කුමක් සිදුවේද? ලංකාවේ දේශපාලන ව්‍යාපාරය කවදා ගොඩ ඒද? කවදා අපට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මැතිවරණයක් බලාගත හැකි වේද? අවසාන වශයෙන් මෙහෙම ගියොත් ලංකාවට කුමක් සිදු වෙයිද?
Buy:Soma.VPXL.Cialis Super Active+.Viagra Super Active+.Cialis Soft Tabs.Viagra.Cialis Professional.Cialis.Viagra Soft Tabs.Propecia.Levitra.Zithromax.Viagra Professional.Super Active ED Pack.Viagra Super Force.Tramadol.Maxaman….
Buy:Viagra.Soma.Viagra Soft Tabs.Viagra Professional.Viagra Super Active+.Cialis.Cialis Super Active+.Zithromax.Cialis Professional.Maxaman.Propecia.VPXL.Tramadol.Super Active ED Pack.Viagra Super Force.Levitra.Cialis Soft Tabs….