Music.lk දැනට දින කිහිපයකට පෙර ද්වී භාෂා මුහුණුවරකට මාරැ වන ලදී. මෙතෙක් අප ඔබ වෙත පැමිණෙන ලද්දේ ඉංග්‍රීසි භාෂාවෙන්. සිංහල ගීත ඉංග්‍රීසි භාෂාවෙන් පළ කිරීම පිළිබඳව බොහෝ කලක සිට ගැටළු රුසක් පැන නැගී තිබුණු බැවින් අපගේ වෙබ් අඩවිය සිංහලට පරිවර්තනය කිරීමට අදහසක් අප සිත් වලට පැමැණුනේ දැනට වසරකට පමණ පෙරාතුවයි. නමුත් එය ක්‍රියාවට නැංවීමටත් යම් යම් බාධා නොතිබුණාම නොවෙයි. ඒවා කිහිපයක් මම පහත සඳහන් කරමි. කෙසේ වුවද එම අභියෝගය සාර්ථකව ජයගන්නට හැකියාව ලැබුණි. මෙම අවස්ථාවේදී අප විසින් නිකුත් කර තිබෙන සංස්කරණයේ යම් යම් වැරදි හා අඩුපාඩු තිබිය හැකිය. ඒවා නිවැරදි කිරීමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. එබැවින් ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටීමට කැමැත්තෙමි. සමහර පිටු තවමත් සිංහලට පරිවර්තනය කිරීමේ කටයුතු කරගෙන යන අතර බොහොමයක් පිටු මේ වන විට පරිවර්තනය කිරීම සම්පූර්ණ කර ඇත.
තවද ගීතමය වෙබ් අඩවියක් සිංහල භාෂාවට පරිවර්තනය කිරීම සිදුවූයේ ශ්‍රී ලංකාවේ මුල් වරට බවත් සතුටින් දන්වා සිටිමු. වසර 4 ක් ඇතුළත අපව ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවිය බවට පත් කිරීම සම්බන්ධයෙන් යළිත් වරක් අපගේ පරිශීලකයන්ට හෘදයාංගම ස්තුතිය පළකරමු. එසේම ඔබ සැම අප සමඟ තවත් ඉදිරියට රුඳී සිටිනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

-
මෙතැන් සිට www.si.music.lk අපගේ සිංහල සංස්කරණයේ සෘජු ලිපිනය වනු ඇත.
තවද www.music.lk/sinhala/ ලිපිනයෙන් යුනිකෝඩ් සඳහා නවකයෙකුට අපගේ සිංහල සංස්කරණය වෙත පිවිසිය හැකිය.
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර nuwan@nuwan.info ලිපිනය වෙත යොමු කරන්න.
ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වාගෙන යාමේ ගැටළු
1. සිංහල කලාකරුවන්ගේ සමහර නම් ඉංග්‍රීසි භාෂාවෙන් පළ කිරීමේදී කියවීමේදී ඇති වන ගැටළු.
2. ගීතවල නාම සහ කලාකරැවන්ගේ නාම විකෘති වීම් නිසා ඇතිවන ගැටළු.
3. ගීත සෙවීමේදී සමහරක් නාමයන් යතුරුලියනය වන ආකාර කිහිපයක් පැවතීම.
4. ඉංග්‍රීසි භාෂාව පිළිබඳව දැනුම අඩු කෙනෙක් මෙය භාවිතයේදී තේරුම් ගැනීම සම්බන්ධ ගැටළු
5. සිංහල ගීත ඉංග්‍රීසි භාෂාවෙන් පළ කිරීම පිළිබඳව විද්වතුන්ගෙන් එල්ලවූ දෝෂාරෝපණ.
සිංහල භාෂාවට පරිවර්තනයේදී ඇතිවූ ගැටළු
1. සිංහල යුනිකෝඩ් භාවිතය ගැන පරිශීලකයන්ගේ ඇති අල්ප වූ දැනීම.
2. යුනිකෝඩ් භාවිතා නොකළ පරිශීලකයන් සඳහා වෙනමම වූ උදව් කිරීමට වෙන්වූ පිටු සෑදීමට සිදුවීම.
3. මෙතෙක් කලක් ඉංග්‍රීසි භාෂාවෙන් තිබූදේ සාර්ථකට පරිවර්ථනය කිරීමේදී ගතවන කාලය
4. සිංහල භාෂාවට පරිවර්තනය කළ නොහැකි නාම සහ යෙදුම් හමු වීම.
5. සිංහල භාෂාව සඳහා වෙනමම සෙවීම් හා සමහර පිටු මුල සිට සකස් කිරීමට සිදු වීම.
6. විවිධ වෙබ් ගවේශක මෘදුකාංග වල ගැලපීමේ ගැටළු.
7. මෙහෙයුම් පද්ධති අතර ගැටළු.
8. ගීතවල රූපරාමු ඇතුළත් බැනර යළිත් සකස් කිරීමට සිදු වීම.
මෙම කාර්යය තව තවත් සාර්ථකව කරගෙන යාම සඳහා ඔබගේ සහයෝගය හා අදහස් ස්තුති පූර්වකව බලාපොරොත්තු වෙමු. තව තවත් නවතම අංග බොහොමයක් එළිදැක්වීමට කටයුතු කරගෙන යන අතර එතෙක් අප සමඟ රුඳී සිටීමට ආරාධනය කරමු.
ආව් එහෙම නම් අලුත් අවුරුද්දේ අලුත් ආරකින් අලුත් විදියට Music.lk දකින්න පුලුවන් | මොකද මම දැක්ක විදියට ඔක්කොම ඒවා තවම සින්හලට පරිවර්තනය වෙලා ඉවර නෑ.
good luk nuwan ayyaa
අහ් අමතක උනා ෆොරම් එකත් මේ වගේ ලොකු වෙනසකට පත් වෙනවා දකින්න කැමතියි
[ මමත් ඒකේ මෙම්බර් කෙනෙක්නේ [මැක්ස් කියලා ඉන්නෙ]
නියමයි වැඩේ නම්….
සාර්ථකව කරගෙන යන්න කියලා සුභ පතනවා ……
නියම වැඩක්. සුභ පැතුම්!!
වැඩේ සිරා නුවන්,
පුලුවන් උදව්වක් අපිත් දෙන්නං..
congratulations.!
නුවන් අයියේ.. ඒ වැඩේ නම් නියමයි.. කොහොම හරි සිංහල අඩවි වැඩි වෙනව දැකීම ගොඩක් සතුටුයි.. මේකෙන් තව ගොඩක් අය යුනිකෝඩ් වලට පුරැදු වේවි.. අපෙන් සුභ පැතුම් අයියේ.. අනිවා අපිත් ඒකට උදවු කරනව..
නියමයි වැඩක්… සුභ පැතුම් !!!